තොරතුරු හා දත්ත ප්‍රතිදාන උපාංග.
(Information and data Output Device)
පරිගණකයක් සදහා දත්ත, තොරතුරු පිටත ට ලබා දීමේ (ප්‍රතිදාන) ප්‍රධන උපාංග දෙකකි එ නම් ,
1. පරිගණක තිරය,
2. මුද්‍රණ යන්ත්‍රය වශයෙනි.
පරිගණක තිරය (THE MONITOR)
v තනි වර්ණයේ පිලිබිබු ඒකක (Monochrome Monitor )
මේවායේ දර්ශනය වන සැම තොරතුරක් ම දර්ශනය වන්නේ එක් වර්ණයකින් . පමණි.සාමාන්‍යයෙන් මෙය කළු හා සුදු වශයෙන් ගැනේ.
v වර්ණ පිලිබිබු ඒකකය (Colour Monitor)
එමෙන්ම භාවිතා කරන තාක්ෂනය මත පදනම් වද පිලිබිබු ඒකක වර්ග කිරීමක් දක්නට ලැබෙන එනම්,
· කැතෝඩ් කිරණ නල (Cathode Ray Tube)තාක්ෂනය සහිත පිලිබිබු ඒකක.
· ද්‍රව්‍යමය ස්ඵටික දර්ශන (Liquid Crystal Display/ LCD ) සහිත පිලිබිබු ඒකක යනුවෙනි.
· කැතොඩ කිරණ නල තාක්ෂනය සහිත පිලිබිබු ඒකක.
මෙම පිලිබිබු ඒකකය අප සාමාන්‍යයෙන් දකින රුපවාහිනි තිරයට සාමාන්‍ය වන අතර,එහි දර්ශනය ලබා දීම සදහා කැතොඩ කිරණ නල භාවිත කර ගනී.මේ වර්ගයේ පිලිබිබු ඒකක සාපේක්ෂ වශයෙන් විශාල වන අතර, එය ස්ථාන ගත කිරීම සදහා විශාල ඉඩ ප්‍රමාණයක් ද අවශ්‍ය වේ.
v ද්‍රව්‍යමය ස්පටික තාක්ෂණය සහිත පිලිබිබු ඒකක.
“ලැප්ටොප්” වර්ගයේ දර්ශන තිර සැකසී ඇත්තේ මෙම තාක්ෂනය භාවිතයෙනි.මෙහි ඇති ප්‍රධානතම වාසිය වන්නේ CRT දර්ශන තිරයට වඩා LCD දර්ශන තිර යා ඉතාම සිහින්ව සකස් වී තිබිම වන අතර ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් වුවද එවැනි දර්ශන තිරයක් ස්ථාන ගත කිරීම සදහා සැහිමයි.එමෙන්ම විශාල ප්‍රමාණයේ දර්ශන තිර සැකසීම සදහා “ප්ලාස්මා ” තාක්ෂනය යොදාගැනෙන අතර මෙවැනි දර්ශන තිර පැතැලි ස්වභාවයක් ගනී.මේවා පිරිවැය අතින් ඉතා ඉහල වුවත් ඉන් ලැබෙන දර්ශන ඉතා ඉහල ගුණාත්මක බැවින් යුක්තය.
මුද්‍රණ යන්ත්‍රය (THE PRINTER)
1. තිත් පුරක මුද්‍රණ යන්ත්‍රය.
මෙම වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයකදී මුද්‍රණය විය යුතු කඩදාසිය හා මුද්‍රණ හිස (Printing head) අතර තීන්ත සහිත පටියක් ඇති අතර මුද්‍රණ හිස ඒමත එහා මෙහා යාමෙන් මුද්‍රණය සිදුවේ. මෙහි මුද්‍රණ හිසෙහි ඉතා සිහින් තුඩ (pins) හතක් එක් තිරස් රෙකාවක පිහිටා තිබේ.ඒවා තත්පරයක සේයවාරයක් තීන්ත පියෙහිද (Ribbon) අනතුරුව කඩදාසියෙහි ස්පර්ශ වීමෙන් මුද්‍රණය සිදිවේ.තිත් වශයෙන් මුද්‍රණය වන මෙම වර්ගයේ මුද්‍රිත පිටපත් වල එතරම් ගුණාත්මක බවක් නොමැත.
2.ඉන්ක්ගේට් මුද්‍රණ යන්ත්‍රය.
Ink – jet printers
3.ලේසර් මුද්‍රණ යන්ත්‍ර
(Laser Printers )
මුද්‍රණ යන්ත්‍රයක වේග පාලකය හෙවත් BUFFER
සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණ වේගයට වැඩා වැඩි වේගයකින් පරිගනකයින් තොරතුරු / දත්ත මුද්‍රණ යන්ත්‍රයක් වෙත ලබාදෙයි. එහින් මුද්‍රණ යන්ත්‍රයක් සැකසීමේදී ඒ තුලට යොදනු ලබන මතය Memory and Buffer නමින් හදුන්වනු ලබයි.පරිගණකය මගී මුද්‍රණ යන්ත්‍රය වෙත ලබා දෙන තොරතුර මුද්‍රනය වන තෙක් මෙම “බෆරය” තුල ගබඩා කරතබා ගනී.එසේම මෙයට මුද්‍රණය වේගය වැඩි කිරීමේ හැකියාවක්ද ඇත.මෙමගින් දෙපසටම එනම් වම සිට දකුණටද , දකුණේ සිට වමටද ආදී වශයෙන් මුද්‍රණය වීමේ හැකියාව ලබාදෙයි.`
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න