යතුරු පුවරුව යනු පරිගනකයක දත්ත හා තොරතුරු ආදාන ක්‍රියාවලියේද ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරන උපාංගයක් බව අපි දැනටමත් දනිමු.ඒ හෙයින් යතුරු පුවරුවහි සංයුතිය පිලිබදව අවබෝධයක් ලබා තිබීම වැදගත් විය හැක. එ හෙයින් මෙහි දී යතුරු පුවරුවක යතුරු එම පුවරුව මත සංවිදානය වී ඇති ආකාරය පිලිබදව විස්තරාත්මකව සලකා බැලෙනු ඇත.ඒ අනුව යතුරු පුවරුවක යතුරු වර්ග රාශියකි . එ නම්, අක්ෂර යතුරු, අංක යතුරු,විශේෂ අවස්ථා සදහා වූ යතුරු, හා ප්‍රයෝගික යතුරු යනුවෙන් ඒවා වෙන් වශයෙන් හදුනා ගත හැක . පහත දැක්වෙන්නේ ඒ පිලිබදව වූ විස්තරයකි.
1.අක්ෂර අකුරු (Alphabet Keys)
පරිගණක යතුරු පුවරුවේ ඉංග්‍රීසි හෝඩියට අයත් අකුරු 26 ම තිබෙන අතර ඒවා එම පිලිවලටම සකස් කර නොමැත්තේ ක්‍රියා කරවන්නා ගේ පහසුව සදහාය . එසේම විරාම ලකුණු ,නැවතීමේ ලකුණු, කොමා ආදී යතුරු ද මෙහි ම කොටසකි. තව ද, එහි පහලින් දිග යතුරක් ද දක්නට ලැබේ. (Space bar) වාක්‍යක් අතර හෝ වචන අතර හිඩැස් තැබීම සදහා මෙය ප්‍රයෝජනයට ගනු ලැබේ.
2.අංක යතුරු (Number keys)
· ඔබ අංකය සදහන් යතුරු පමණක් තද කළහොත් අංකය පමණක් තිරයේ සටහන් වේ.(උදා : අංක 06 )
· එම යතුරු ම shift යතුරු සමග තද කිරීමෙන් තිරයේ සටහන් වෙන්නේ “ ^ ” සංකේතය යි.
ඒ ආකාරයෙන්ම එම එක් එක් අක්ෂරය සදහා ශිෆ් යතුර සමග ක්‍රියාත්මක වන වෙනත් අක්ෂරයක් හෝ සංකේතයක් ඇති බව වටහා ගත යුතුය.
3.විශේෂ අවස්ථා සදහා වූ යතුරු (function keys)
4.ඉලක්කම් යතුරු පුවරුව (numeric key-pad)
5. ඊතල ලකුණු සදහන් යතුරු (Arrow keys)
1. කර්සරය අවශ්‍ය දිශාවට යොමු කිරීම සදහාත්,
2. තෝරාගන්න ලද කොටසකබ් පිහිටීම වෙනස් කිරීම සදහාත්, සාමාන්‍යයෙන් යොදා ගැනේ.
6. විශේෂ යතුරු (Special Keys)
වැදගත් විශේෂ යතුරු කිහිපයක්
Caps Lock Keys
Shift Keys
Enter Key
Backspace Key
Control Key
Delete Key
පරිගණකයේ යතුරු පුවරුව ඉදිරියේ ඉදගන්න.
පරිගණකයේ දත්ත , තොරතුරු ඇතුලත් කිරීමේ ප්‍රධාන උපාංගය වන්නේ යතුරු පුවරුවයි. (Keyboard) එහෙයින් එම කොටස සදහා මනා අවධානයකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය.සමහර විටෙක ඒ මත දියර වර්ග , ආහාර කැබලි, දුව්ලි ආදිය වැටි තිබෙන්නට පුළුවන.මේවා යතුරු පුවරුවේ යතුරු තුල හිර වීමෙන් ඒවායේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට හානි පැමිණෙන්නට ඉඩ තිබේ.ඒ එහෙයින් ,
1. යතුරු පුවරුව දින පතා පිරිසිදී කල යුතුය.වායු මගින් ක්‍රියාත්මක වන පිරිසිදු කිරීමේ යන්ත්‍රයකින් (Vacum Cleaner) හෝ වෙනත් යමකින් එය කල හැකිය.
2. කිසි විටක යතුරු පුවරුව පද්ධතියෙන් වෙන් කොට නොතබන්න.
3. ඒ සදහා යතුරු පුවරුව රදවනයක් පරිගණක මේසයට ම සවිකොට තැබිය හැකිය.
4. යතුරු පුවරුව පාවිච්ච්යි කරන විටක දී හැර අන් අවස්ථා වලදී එය ආවරණය කර තැබිය යුතුය.
යතුරු පුවරුව භාවිතයේදී නිවැරදි ඉරියව්වෙන් සිටින්නේ කෙසේද ?
යතුරු පුවරුව ඉදිරියේ නිවැරදි ඉරියව්වෙන් හිද නිසිටේම හේතුවේ ශරීරයේ විවිද අභාද ඇති වෙමේ අවදානම තිබේ. සමහර විටක අනවශ්‍ය පරිදි යතුරු තද වීමෙන් හෝ වෙනත් ආකාරයෙන් අඩමානයට කරබ්න ක්‍රියාවක් හේතුවෙන් එවැන්නක් සිදදු වීමට බොහෝ ඉඩ තිබේ.එහෙයින් පහත සදහන් කරුණු සදහා ඔබගේ අවධනය යොමු කිරීම වැඩගත් ය.
1. යතුරු පුවරුව ක්‍රියාත්මක වීමේදී ඔබගේ මැණික් කටුව සිට වැලමිට දක්වා ප්‍රදේශය අතැගිලි වලට වැඩා එසවීමෙන් වැළකිය යුතුය..
2. මෙහිදී ඔබගේ අත කිසිවිටක යතුරු පුවරුව මත ඇති මේසය මත නොතබන්න.ඒසදහා යතුරු පුවරුවේ Wrist – Pad නමැති කොටස සපයා තිබේ.
3. ඔබගේ අත් වල ඉහල හා පහල කොටස (වැලමිටෙන් ඉහල හා පහල ) අංශක 90 නැමෙන පරිදි ආසනයේ උස සකස් කර ගන්න එය හරියටම ඔබගේ අසුන තබා ඇති පොලොව සමග සමාන්තරව පිහිටිය යුතුය එසේම ඔබගේ සිරුරේ කඩ කොටසද අංශක 90 වනසේ ඉද ගැනීම වැදගත්ය.
4. ඔබගේ අතේ හි මැණික් කටුව පහල කොටස අත එකම මට්ටමක පැවතිය යුතුය.
5. සැම විටකම පැයක් වැඩ කිරීමෙන් පසු විනාඩි 25ක් වත් විවේක ගැනීම සුදුසු බව වෛද්‍යවරු පවසති.
නිවැරදි දුර
මෙය ඉතා වැදගත්ය පරිගණක තිරයේ සිට ඔබගේ අස දක්වා පවත්වා ගත යුතු දුර ප්‍රමාණය පිලිබදව සැලකිල්ලක් නොදැක්වීම අක්ෂි දුර්වල තාවන් ඇතිවීමට හේතු විය හැක.එහෙහින් දර්ශන තිරය හා ඔබගේ ඇස අතර ඇති දුර මට්ටම පිලිබදව සැලකිලිමත් විය යුතුව ඇත. වැරදි කෝණයකින් ඒ දෙස බලා වැඩ කිරෙමෙන් අස්වලතා දුර්වලතාවන් ඇතිවිය හැක.පිළිබදවද , ඔබගේ අවදානය යොමු කලයුතුව තිබේ.
1) පරනකයේ කටයුතු අරබිමට පෙර අවම වශයෙන් පරිගණක තිරයට මීටර් 0.8ක් වත් ඈතින් සිටින සේ ඔබගේ අසුන සකසා ගත යුතුය.
2) පරිගණකය වෙත ඔබගේ මුහුණ යොමු කිරීමේදී අංශක 15ක කෝණයක් වත් සිටින සේ යොමු කිරීම වැදගත් ය.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න