වසර 20ක් සපුරන WWW ලෝක ව්‍යාප්ත ජාලයට අවුරුදු 20යි..


වසර 20ක් සපුරන www ලෝක ව්‍යාප්ත ජාලයට අවුරුදු 20යි..


                                    වසර 20කට පෙර, එනම් 1993 අප්‍රියෙල් 30 වන දින, එවකට අන්තර්ජාලයේ පාලන කටයුතු බාරව සිටි ඇමරිකාවේ CERN ආයතනය විසින් www හෙවත් ලෝකා ව්‍යාප්ත ජාලය පොදු ජනතාවගේ භාවිතය පිණිස ලෝකයට වීවෘත කරන ලදී.URL HTML හා HTTP ආදී අන්තර්ජාලයෙ පොදු තාක්ෂන විද් සියල්ලම පාහේ නිර්මාණය කලේ එවකට CREN ආයතනයේ සේවය කල ටීම් බර්නස් ලි විසිනි.මේ නිසා ලෝක ව්‍යාප්ත ජාලයේ පියා වශයෙන් ද ඔහු බුහුමන් ලබති.
                                       ටීම් බර්න්ස් ලි විසින් ඉහත කි තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද්දේ 1990 දශකයේ මුල් කාලයේදීයි.නමුත් 1993 දී නිල වශයෙන් ලෝක ව්‍යාප්ත ජාලය ලෝකයට වීවෘත කරනා තුරු එම තාක්ෂණයන්ගෙන් ප්‍රයෝදනයක් ගෙන නොතිබිණි.ඉහත තාක්ෂනය පොදු ජනතාවගේ භාවිතය පිරිස නිදහස් කිරිමත සමගම ඉබේම www හෙවත් ලෝක ව්‍යාප්ත ජාලයද උපත ලැබිය.HTML යනු අන්තර්ජාලයේ දෘෂ්‍ය කොටස් හෙවත් වෙබ් (web) හි කේතකරණය භාෂාවයි. HTML භාවිතයට පැමිණීමත් සමග ඒ වන විටත් ව්‍යාප්ත ව පැවති අන්තර්ජාලයට ‘මුහුණක්’ ලැබීම සිදුවුය.
                                      1989-90 කාලයේදී ටීම් බර්නස් ලි විසින් ලෝක ව්‍යාප්ත ජාලය පිලිබදව වූ අදහස් ගැන  විවිද අත්හදාබැලීම් කරන්නට යෙදුනි.ඔහුගේ මනසේ අදහසට නම් නොතිබුණු අතර ඔහු අදහස් කරගෙන සිටියේ තොරතුරු කළමනාකරණ පද්ධතියක් ලෙසින් අන්තර්ජාලය භාවිතා කල හැකි ක්‍රමයක් ගැනයි.අක්ෂර පිළිවෙලකට ගොනු කරන ලද ලේඛ්නන්පිටු සමග තවැහැ එවැනි පිටු සම්බන්ධ කල හැකි ඇදුම් හෙවත් Hyperlinks ඇති කිරීමෙන් එකිනෙකට සම්බන්ද කෙරෙනු තොරතුරු ජාලයක් තනිය හැකි බව ඔහුගේ අදහස විය.බලු බැල්මට මෙය ඉතා සරලව අදහසක් ලෙස පෙනී ගියත්, මෙම සංකල්පය ක්‍රියාත්මක වූ පළමු මහා පරිමාන ව්‍යාප්තිය වන්නේ ලෝක ව්‍යාප්ත ජාලයයි.
                                        Hyperlinks සංකල්පය නිසා ජාලයේ පිටු එකිනෙකට සම්බන්ධ වූ අතර තොරතුරු හැබෑ යාම වේගවත් හා පහසු කාර්යක් විය .Hyperlinks නොමැති අන්තර්ජාලයක් හෝ වෙබ් එකක් ගැන මදක් සිතා බලන්න. එසේ වුවා නම් ඔබට එක් පිටුවකින් වත් පිටුවකට යාමට එම පිටුවේ සම්පුර්ණ පිලිනය ඇතුලත් කරන්නට සිදුවන ඇත.ලෝක ව්‍යාප්ත ජාලයේ පිටු එකෙනෙකට බැදී සැබෑම ජාලයක් බවට පත්වන්නට ටීම් බර්නස් ලි විසින් නිර්මාණය කරන ලද Hyperlinks නම් සංකල්පය කෙතරම් ප්‍රබල ද යන්න ඔබට දෙන වෙටහෙන්නට ඇත.
                                       Hyperlink සමග ක්‍රයාත්මක වී අදාළ පිටු හදුනාගැනීම සදහා UDI (Universal Document Identifier)  හෙවත් එක් එක් ලිපියට වෙන් වූ ලිපියක් / අනන්‍යතාවයක් ලබාදීමේ ක්‍රමවේදයක්ද ටීම් බර්නස් ලිගේ නිර්මාණයකි. මෙම ක්‍රමය පසුව URL ලෙස වෙනස් වූ අතර මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අන්තර්ජායයේ ඇති සුයළුම වෙබ් පිටු එකිනෙකට වෙන් වෙන්ව හදුනාගැනීමට එක් පොදු ආකෘතියක් නිර්මාණය කර දීමයි.URL මගින් අදාළ අන්තර්ජාල මුලාශ්‍රය Host කර ඇත්තේ කොහෙද, එය ධාවනය කරන වෙබ් සර්වර මෘදුකාන්ග කුමක්ද, එය භාවිතා කරන ප්‍රොටෝකෝලය (HTTP, FTP) කුමක්ද හෝ අදාළ මුලාශ්‍රය අන්තර්ජාලය සේවා සපයන්න කවුද යන සාධක ගැන සැලකිල්ලට නොගෙන වෙබ් ජාලයේ ඇති සියලුම තොරතුරු සදහා එකම ආකාරයට සැලකිල්ලට නොගෙන වෙබ් ජාලයේ ඇති සියලුම තොරතුරු සදහා එකම ආකාරයට සැලකීමට හැකියාව ලබා දෙයි.
                                                  WWW හි ම්මුලික තාක්ෂනයන් අතරින් තවත් වැදගත් සාධක වන්නේ HTTP තාක්ෂණයයි. Hypertext transfer Protocol නොහොත් ජාලගත ලිපිගිනි සංස්කරණය කිරීමේදී භාවිතා වන සම්මත ක්‍රම ලෙස මෙය හැදින්වේ.මෙය භාවිතා වන්නේ පරිශීලකයාගේ පරිගණකයේ බ්‍රවුසරය වෙත වෙබ් බ්‍රවුසරයක ඇති HTML වෙබ් පිටුවක් ගෙන්වා ගැනීමටයි. HTTP නොමැතිව වූ නම්, අන්තර්ජාලයයේ කොතරම් වෙබ් පිටු තිබුනත් පලක් නිමති වන ඇත.සර්වර් පරිගණක සිට HTML පිටු අන් අයට බැලීමට ලබාදීමටත්, පරිගනකයක සිට අවශ්‍ය URL එක ලබාදෙනේ මෙම HTTP ප්‍රොටෝකෝලය හරහායි.
                                                  1993 දී වෙබ් ජාලය ලෝක ව්‍යාප්ත වීමත් සමාගම ජාලය වෙත පිවිසීම සදහා වෙබ් බ්‍රවුසරය ද කලඑලියට පැමිණියේය.ටීම් බර්නස් ලි විසින් World Wide Web නමින් ඇති සරලව වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කර තිබුනද ලොව ප්‍රථම වෙබ් බ්‍රවුසරය ලෙස හැදින්වෙන්නේ  1993 දී එලි ඩු ඔසෛක් බ්‍රවුසරයයි.. 1994 දී Mosaic යන නම Netscape ලෙස වෙනස් කරුණු අතර 1997 වන විට මෙම නෙට්ස්කේප් බ්‍රවුසරය සමග සමාගමෙන් නිකුත් කල Internet Explorer 4 බ්‍රවුසරය තරගයට පිවිසෙමින් බ්‍රවුසර යුද්ධය ආරම්භ විය.එතැන් සිට සිදුවුයේ කුමක්දැයි ඔබ හොදින් දන්නවා ඇති.
                                       ටීම් බර්නස් ලි  ගැන වැඩි දුරටත් කතා කන්නේ නම් ඔහු 1994 දී CERN ආයතනයෙන් ඉවත් වී Wold Wide Web Consortium (W3C) නම් ආයතනය පිහිටුවා ගන්නට මුලික විය.එම ආයතනය විසින් වෙබ් සදහා අදාළ සියලු සමස්තයන් සිදී කිරීම කෙරෙහි වෙබ් තාක්ෂනයන් දියුණු කිරීම, සමස්තයන් සැකසීම හා ලොව පුරා භාවිතා වන සියලු බ්‍රවුසරයන් සමග වෙබ් තාක්ෂනය හොදින් ක්‍රියාත්මක වෙයිදැයි අධීක්ෂණය කිරීම W3C හි කාර්ය භාරයයි.
                                               ලෝකයට වෙබ් තාක්ෂනය හා www සංකල්පය හදුන්වා දෙන්නට ටීම් බර්නස් ලි වැඩ කලේ ඇපල් සමාගමෙන් ඉවත් ව ස්ටීවි ජොබ්ස් විසින් පසුව පිහිටුවා ලත් NeXT සමාගමෙන් නිපදවන දල NeXT පරිගනකයෙනි.ඒ අයිතිහාසික පරිගණකය අදටත් සුරැකිව CREN අතනයේ සුරැකිව තබා තිබේ.
                                           Www හි සිවන සංවත්සරය සැමරීම උදෙසා එදා විසි වසරකට පෙර ටිම් බර්නස් ලි විසින් රචනා කරන ලද ලොව පළමු වෙබ් අඩවිය නවවත මහජනයාට වීවෘත කිරීමට CERN ආයතනය කටයුතු කර තිබේ. goo.gl/ZGCAF යන ලිපිනයෙන් ඒ වෙත පිවිසීමට ඔබටත් පුළුවන.ඉතා සරල වුවත් වෙබ් ජාලයයේ පළමු පියවර ලෙසින් එය ඉහා වැදගත් තැනක් ගනී.  
                                                                  අද අප ක්ෂණිකව අත්විදින බොහෝ පහසුකම් අප විත ලැබී ඇත්තේ වෙබ් සංකල්පයට පින් සිදු වන්නටයි.වෙබ් නොමැති නම් අන්තර්ජාලයෙන් වැඩක් නැති තරමට අපි වෙබ් තාක්ෂණයට ඇලි ගැලී සිටින්නෙමු.ඒ මහගු තාක්ෂනය ලොවට්ට දායාද වී වසරක් ගත වන නම්  මේ මොහොතේදී WWW උපදවන්නට ඇප  කැප වී එය නිමිලේම ලොවට බෙදා දුන් ටීම් බර්නස් ලි නම් අසහාය පුරුෂයාට උපහාර දක්වන්නට සුදුසුම අවස්තාවක් බව මගේ මතයයි.
                               








** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!













SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න