SKYPE Online වෙයි.



 
                         ලොව පුරා බොහෝ දෙනා Free Calls සදහා භාවිතා කරන මෘදුකාන්ග ලෙස ඉහලින්ම වජබෙන්නේ Skype යා. 2003 දී එස්ටෝයියානු හා ස්විස්ටර්ලන්තය මෘදුකාංග නිර්මාණකරුවන් කණ්ඩායමක් එක්ව නිපදවනු Skype  ඉක්මනින්ම ලොව පුරා ජනප්‍රිය වූ අතර 2001 දී Microsoft සමාගම විසින් ඇ:ඩො  බිලියන 8.5 ක් ගෙවා Skype මිලට ගන්න විට එහි ලියාපදිංචි පරිශිලයන් ගණන මිලියන 600 ක් ද ඉක්මවා ගොස් තිබුණි.
                                මේ වන විට Skype හි Android, IOS ,Linux, Microsoft Windows, Apple OsX, Symbian හා Windows Phone සංස්කරණ නිකුත් වී ඇති අතර Microsoft සමාගම ලගදීම Skype හි නවතම සංස්කරණය නිකුට්ත් කිරීමට සැරසෙන බව ආරංචි වී ඇත.
                                                        මෙම නවතම Skype Version එක නම් Skype හි Online සංස්කරණයයි.සරලව පැවසීමේදී මෙයින් අදහස් වන්නේ Skype පරිශීලකයින්ට වෙබ්  බ්‍රවුසරය තුලම සිට Skype Calls වල නියැලීමට හැකියාව ලැබීමයි. මෙම පහසුකම සැපයෙන්නේ Microsoft Outlook හි online සංස්කරණය වන Outlook.com වෙබ් අඩවිය හරහාය. Outloo.com යමු ඕනෑම අයෙකුට Outlook තම පරිගණකයට Install නොකරම අන්තර්ජාල වෙබ් පිටුවක් හරහා තම Mail පරිහරණය කිරීමට හැකි සේවාවකි.මෑතකදී හදුන්වා දුන් මෙම සේවාව ඉතිහාසයේ ඉක්මනින්ම ජනප්‍රිය වූ Online Mail Interface එක ලෙස සැලකේ.
                                                 Skype හි online සේවාව භාවිතා කිරීමට නම් ඔබ පළමුව Windows Live Account එකක් හරහාOutlook.com වලට Log විය යුතුය. Windows Live Account වලට පිවිසි පසු බොහෝ විට කිදා Extinction එකක් Install කිරීමට සිදු වනු ඇත.මෙය නවතම Internet Explorer, Chrome හා fire fox සදහා ක්‍රියා කරනු ඇති බලාපොරොත්තු වේ. මෙම Extention එක් install කිරීමෙන් පසු ඔබේ Windows Live Account එක හි Skype Account එක Sync කිරීමට ඔබට අවස්තාව සැලසෙන අතර ඉන්පසු Outlook හි ඇති ඕනෑම Contact එකකට හෝ ඔබේ Skype Contacts වලට Browser එක තුල සිටම Skype Calls ගැනීමට ඔබට හැකි වනු ඇත.
                                                              Microsoft සමාගම ඉදිරි සති කිහිපය තුල Skype Online version එක අන්තර්ජාලය හරහා මුදා හැරීමට සුදානම් බව හෙළිකර ඇත.එහෙත් මේ පිලිබදව විවිද මත මේ වන විට බොහෝ දෙනාගෙන් පලවමින් පවතී.Skype යනු තරමක් විශාල මෘදුකාංගයක් බැවින් එය Online Load වීමේදී තරමක් විශාල දත්ත ප්‍රමාණයක් පරිබෝජනය වීමට ඉඩ ඇති සැක කෙරෙන බැවින් තරමක් වැඩි දත්ත ප්‍රමාණයක් වය වුවද, Skype සාමාන්‍ය Version එක එකවර Download කර Install කර ගැනීම වඩාත් වාසි දායක විය හැකි යයි බොහෝ දෙන්නාගේ මත ඉදිරිපත කරති.  
                                                    කෙසේ වුවද Skype හි Online Version එක නිදහස් කරනු තෙක් ඒ පිළිබවද පරව නිගමනය වලට එලබීමට නුසුදුසු යයි මාගේ මතයයි. මෙම ලිපිය කියවන විටදී එය සමහර විට නිකුත් වී තිබිමටද ඉඩ ඇත. ෴෴











** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න