පරිගණකය සතු ප්‍රධාන මතකය පරික්ෂා කිරීම.
මවුපුවරුව මත පිහිටි දත්ත සම්ප්‍රේෂණ මාර්ග හෙවත් බස් ලයින්ස් (BUS Lines) හදුනා ගැනීම හා පරික්ෂාව.
මුලික දර්ශන තිර ලබාදීම.
පරිගනකය බූට් කර වීම.
සවිකර ඇති උපාංග හදුනා ගැනීම.
මෙහෙයුම් පද්ධතිය ධාවනය වීම සදහා අවශ්‍ය පසුබිම සැකසීම,
යනාදී දේ සිදුවේ .මෙම කටයුතු සිදුවීමේදී යම් දෝෂයක් පරිගණකයේ තිබේනම් එවිට සාමාන්‍ය තනි බීප් හැඩ වෙනුවට එක්කෝ එම හැඩ නිකුත් නොවීම හෝ කීප වතාවක් හැඩ නිකුත් වීම සිදුවේ.
මෙසේ නිකුත් වන හැඩ රටාව විමසා බැලීමෙන් පරිගනකයේ ඇති මුලික උපාංගවල (Motherboard, Processor, RAM, Display adapter) තිබෙන දෝෂ සොයාගත හැකිය.
මෙසේ දෝෂ සහිත අවස්තාවලදී ලැබෙන බීප් නාදයේ වාර ගණන මවුපුවරුව මත ඇති බයෝස් චිපයේ වර්ගය අනුව වෙනස් වේ.
පරිගන්නකය ක්‍රියාත්මක වන විට නැගෙන කුඩා හැඩ හෙවත් "බීප්" හැඩ, පරිගණකයේ යහපත් සෞඛ්‍ය ගැන හොද ඉගි සපයයි.ඒ හැඩ පුරුදු ක්‍රමයට වඩා වෙනස් වුයේ නම් දැන් ඉන් කියවන්නේ පරිගණකය ලෙඩ වී ඇති බවය. මේ හැඩ විමසා බලා පරිගණකයේ ඇති ලෙඩ හදුනා ගනිම්මට පුළුවන.
මෙම බීප් හැඩ දීර්ඝ වශයෙන් හා සියුම්ව විමසා බැලීම සදහා අවශ්‍ය වගු හා උපදෙස් මාලා තිබේ. පළපුරුදු කාර්මිකයෝ ඒවා භාවිතා කරයි.එහහෙත් සාමාන්‍ය පරිගණක පරිශීලකයින්ට ද තම පරිගණයේ ඇති දෝෂ දල වශයෙන් හදුනා ගැනීමට බිප් හඩ රටාව යොදා ගත හැක.
පහත දක්වා ඇත්තේ IBM පරිගණක වලදී ලැබෙන "බීප්" හැඩ අනුව පෙන්වන දෝෂ සටහනකි.
- කෙටි "බීප්" හඩක් - POST/CMOS හි දෝෂයක් - එම දෝෂය පෙන්වන දෝෂ කේතයක් හෙවත් error code එකක් තිරයේ දිස්වේ. එම කෝඩ් එක අනුව දෝෂය තීරණය කල හැක. ඉන් කිහිපයක් මෙසේය.
- 100 to 199 - System Board
- 200 to 299 - Memory
- 300 to 399 - Keyboard
- 400 to 499 - Monochrome Display
- 700 to 799 - Math Coprocessor
- 900 to 999 - Parallel Printer Port
- 1000 to 1099 - Alternate Printer adapter
- 1100 to 1299 - Asynchronous communication device, adapter or port
- 1800 to 1899 - Expansion unit (XT)
- 2000 to 2199 - Bi-synchronous communication adapter
- 2400 to 2599 - EGA system board video (MCA)
- 3000 TO 4999 - Internal Memory
- 7000 to 7099 - Phoenix BIOS chips
- 7300 to 7399 - 3.5-inch disk drive
- 8900 to 8999 - MIDI adapter
- 11200 to 11299 - SCSL adapte
"බීප්" හඩ නැත - බලා සැපයුම් හෝ මවුපුවරුවේ දෝෂයකි.
නොනවතින "බීප්" හැඩ - බලා සැපයුමේ, මවුපුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයකි.
නැවත නැවත මතුවන කෙටි "බීප්" හඩ - මතකය පිලිබදව දෝෂයකි.
එක් දිග "බීප්" හඩක් හා කෙටි "බීප්" හඩක් - මවුපුවරුවේ දෝෂයකි.
එක් දිග "බීප්" හඩක් හා කෙටි "බීප්" හඩ දෙකක් - Display Adapter යේ දෝෂයකි.
එක් දිග "බීප්" හඩක් හා කෙටි "බීප්" හඩ තුනක් - ග්‍රැෆික් adapterයේ දෝෂයකි.
නොනවතින උස් හා පහත හඩින් යුතු බීප් හැඩ - ප්‍රොසෙසරය අධික ලෙස රත් වී දෝෂ ගෙන දෙන බව කියයි.
ඔන්න එහෙනම්ම් සවිස්තරාත්මක විස්තරයක් බීප් හැඩ පිලිබදව ලබා දුන්නා. මොකක් හරි ගැටළුවක් මතු උනොත් කියන්න.එහෙනම් දෙනාට මම නවතිනවා.ඔබට ජය.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න