හැකර්වරුන්ගේ කළු සුදු භේදය
කළු සුදු ලක්ෂණ අතර සිමා නිශ්චිත වශයෙන් වෙන්කර දැක්වීමට නොහැකිය. කළු හා සුදු අතර කළු නොවන, එහෙත් සුදුත් නොවන “අළු” තිරයක් ද පවතින බව සිහි තබා ගත යුතුය.
මෙම ලිපිය සැබවින්ම මිනිසුන්ගේ හොද නරක විවරණය කිරීමට සසදන ලද්දක් නොවේ.මෙයඅ ලියනු ලබන්නේ වෙන්ත කරුණක් අරබායයි.
Hacker හෝ Hack කිරීම යන වදන අසු අපගේ සිහියට එන්නේ සොරකම් කරන ලද දත්ත, විකෘති කරන ලද වෙබ් අඩවි, බොන්කොලොත් හෝ අදික පාඩු ලැබූ සමාගම් යන ආදී දේවල් යා. බොහෝ දෙනා සිතා සිටින්නේ Hacker යනු අපරාදකරුවන්ට හෝ සොරකුට සමාන පුද්ගලයෙක් බවයි.නමුත් මෙම මතයා බොහෝ වැරදි සහගතය.ඔබ සිටින දුර්මතයෙන් ඔබ ආලෝකය වෙත ගෙන ඒමටත්, මේ ලොව නරක යැයි සම්මත මිනිසුන් අතර හොද මිනිසුන්ද සිටින බව පැහැදිලි කිරීමටත්, එකම ක්‍රියාව හොදට හා නරක යන දෙකටම යොදාගත හැකි බව පෙන්වීමටත් මෙම ලිපිය සකස් කරන්නට අපි අදහස් කළෙමු.
Black Hat Hackers
ලොව පුරා පරිගණක පරිශීලකයන් අතර සහ බොහෝ දෙනා අතර වැඩි එහෙත් නොමනා ප්‍රසිද්ධියක් ලබා සිටින්නේ Black Hat Hacker වරුන්ය.
මොවුන්ගේ ක්‍රියාකලාපය නම්, ඔවුන් පරිගණක ජාල වලට අනවසරයෙන් පිවිසෙන්නේ තමා ලැබ ප්‍රයෝජන තකාය. බැකු වල පරිගණක ජාල වෙත් අනවසරයෙන් රිංග Credit card හා බැංකු ගිණුම් පිලිබදව විස්තර, Social Network කර අන් පුද්ගලයන් වෙනුවට පෙනී සිටිම හෝ නවතම ව්‍යාපාරික නිපැයුම් වල දත්ත සොරකම් කර වෙනත් ආයතන වල දත්ත සොරකම් කර වෙනත් ආයතන වලට විකිණීම මෙයින් ක්‍රියාකලාප කිහිපයකි.
සරලව පැවසීමේදී Black Hat Hacker යනු පරිගණක අපරාද කරුවන්ය .සමහර අවස්තා වලදී මොවුන් විවිද වෙබ් Servers වලට ඇතුළු වී වෙබ් අඩවි විකෘති කිරීම් යනාදිය ද සිදු කරති.ඒවා Hack attacks බොහෝ විට මානසික වශයෙන් විකෘති තත්වයක සිටින පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් ලෙස සැලකේ.
White Hat Hackers
White Hat Hacker වරු පරිගණක ජාල වලට අනවසරයෙන් හෙවත් නිල නොවන මාර්ග වලින් පිවිසෙති.එහෙත් ඔවුන් මෙසේ පිවිසෙන්නේ අදාළ පරිගණක ජාලයේ හිමිකරුවන්නේ පුර්ණ අනුදැනුම ඇතිවය.සාමාන්‍යන් ඕනෑම Hacker වරයෙක් පරිගණක ජාලයට පිවිසෙන්නේ එම ජාලයේ ආරක්‍ෂිත පද්ධතියේ යම් අඩුපාඩුවක් හරහාය. White Hat Hacker වරු සිදුකරන්නේ මෙලෙස යම් අඩුපාඩුවක් හෝ ‘Glitch’ එකක් හරහා පරිගණක ජාලයට පිවිසි ඒ අඩු පාඩුව පිලිබදව අදාළ හිමිකරුවා දැනුවත් කිරීමයි.එවිට පරිගණක ජාලයේ ඇති අඩුපාඩුව හෝ ඇති වැරැද්ද නිවැරදි කර පරිගණක ජාලය තවත් ශක්තිමත් කිරීමට හිමිකරුවාට හැකි වේ.
White Hat Hacker වරුන්ගේ පරමාර්ථය ලොව පුරා ඇති පරිගණක ජාල Black Hat hacker වරුන්ගෙන් ආරක්ෂා කිරීමයි.ඔවු මේ සොයාදෙන අඩුපාඩුව සදහා අදාළ සමාගම ඔවුනට මුල්‍යමය ත්‍යාග (Bounties) පිරිනමයි. එබැවින් Etical Hacking යනු, වර්තමාන සමාජයට යහපතක් සිදු කරන අතරවාරයේ මුදල් සෙවීමටද හැකි වන ක්‍රමවදයකි.
Gray Hat Hacker
ප්‍රයෝගික ලෝකයේ යම් යම් දේවල් නිශ්චිත ලෙසම “කළු ” හෝ “සුදු ” ලෙස වෙන් කල හැකිනම්.ඒ ඇත්තේ ඉතා සුවල්පයකි. එසේම Hacker වරුන් ගැන කතා කිරීමේදී කළුත් නැති සුදුත් නැති මිශ්‍ර වූ “අළු” පැහැති Hacker වරුන් පිරිසක්ද සිටින බව කිව යුතුය.
Gay Hat Hacker වරයෙකුගේ ක්‍රියාකලාපය තරමක් විකාර රුපි හා තෙරුම් ගැනීමට අපහසු එකකි. Gray Hat Hacker කෙනෙක් බොහෝ විට තම පුද්ගලික ආශාවන් හෝ ලාබ මත Hack කිරීම සිදු කරයි.නමුත් පැහැදිලි ලෙස නීති විරෝදී සෙල පරිගණක ජාල වලට පිවිසෙයි.
උදාහරණ ලෙස White Hat Hacker වරයෙකු පරිගණක ජාලය වලට පුර්ණ දැනුම් දීමක් සහිතව නිල නොවන මාර්ගයන් ගෙන් පිවිසි ඒ පිලිබදව සමාගමට දැනුම් දී ජාලය ශක්තිමත් කරයි.Black Hat Hacker වරයෙක් අනවසරයෙන් පරිගණකය ජාලවලට පිවිසි දත්ත සොරකම් හෝ විකිර්ති කරයි.නමුත් Gray Hat Hacker වරයෙනු කිසිදු අනවසරයකින් හෝ පුර්ණ ධනුම් දීමකින් තූරව පරිගණක ජාලයට ඇතුළු වී අදාළ වරද පිලිබදව එම ජාලයේ හිමිකරුවන්ට දැනුම් දීමට හැකිය. මෙම ක්‍රියාකලාපයේ වරද පිලිබදව දැනුම් දීම හොද ක්‍රියාවක් වුවත් අනවසරයෙන් පරිගණක ජාලයට පිවිසීම නීති විරෝදී බැවින් මෙය “අළු” හෙවත් Gray Hat Hackering ලෙස හදුන්වයි.
සමස්තයක් ලෙස ගත විට Hacker යයන වදනෙහි හා එම ක්ර්යාවලියේ හොදක් හෝ නරකක් කළු හෝ සුදු භේදය එක වර ප්‍රකාශ කිරීමට නොහැක.අප සිහි තබා ගත යුතු දේ නම් Black හෝ white ලෙස Hacker වරු වර්ග කෙරෙන්නේ ඔවුන්ගේ කෘයා කලාපය හා අබිමතාර්තය මත බවයි.෴
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න