පරිගණක මතකය.
(Memory of the computer)
මිනිසෙකුට මොලයක් ඇත්තාක් මෙන් පරිගනකයටද මතකයක් තිබේ.මෙම මතකය මගින් දත්ත හා තොරතුරු ගබඩා කර ගනී. මෙය “අභ්‍යන්තර” හෙවත් “මුලික මතකය “ ලෙස හැදින්වෙන අතර (Internal and primary memory) එහි බාහිර මතකයෙන් (external memory)වෙනව් පවතී “අභ්‍යන්තර මතකය” ලෙස ,පරිගණකයට ඇතුළු කර ඇති තොරතුරු ,දත්ත හා මෘදුකාංග අයත් වන අතර , “බාහිර මතකය” යනුවෙන් හැදින් වෙන්නේ තැටි , පටි හෝ සැහැල්ලු තැටි (Disks , Tapes , Floppies ) තුල ගබඩා කර ඇති දත්ත , තොරතුරු හා මෘදුකාන්ග වේ.මෙම බාහිර මතකය අපට අවශ්‍ය වෙලාවට , අවශ්‍ය පරිදි පරිගණකයට ඇතුල් කිරීමේ හැකියාව පවතී.
අභ්‍යන්තර මතකය (Internal Memory)
පරිගනකයක මතකය වූ කලි අතුරු මං මාවන් රැසකින් සමන්විත වූ සුවිසල් නගරයක් වැන්න.එහෙත් මෙම නගරය සැම නිවසකම එකම ආකාරයේ, එකම ප්‍රමාණයේ ඒවා ය. එසේම එම නගරයේ සැම මාවතකම නිවාස ඇත්තේ එකම සංඛ්‍යාවකි.තවද, මෙම සැම නිවසකම දොරවල් විවුර්තා වන්නේත්, වැසෙන්නෙත් එම නගරයේ මාවත් දෙකකටය.බොහෝ පරිගනකයන්ගේ මතකය තුල ඇති මෙම නිවාසවල විශාලත්වය සාමාන්‍යයෙන් බියිට් 1ක් වන අතර, එක් අක්ෂරයක් ගබඩා කිරීම සදහා පමණක් එය ප්‍රමාණවත් වේ.
පරිගණකය තුල ඇති සැම නිවසෙකටම එයට ම් අයත් වූ අංකයක් තිබේ.මෙම ලිපිනය සදහන් වී ඇත්තේ සිරස් (Vertical) හා තිරස් (Horizontal) රැහැන් (Wires) එකිනෙක කැපී යන ලක්ෂයේය.මෙම සිරස් හා තිරස් සැම රැහැනක්ම එහි ජාලය (Network) සමග සම්බන්ධ වී පවතී.මෙම ජාලය “බස්” (Bus) යනුවෙන් හැදින්වේ. මෙය ජාල බස් (Network Buses) වශයෙන් හදුන්වන්නේ සියලු තොරතුරු පරිගණකය තුලට ගමන් කරන්නේ මෙම ජාල සමග සමාන්තරව වන හෙයිනි.මෙම සෑම ලිපිනයකටම අංක “1” ඒවා සහ “0” ඒවා ඇතුලත්ව තිබේ.මෙහි වම පස ඇති අංක “පේලි අංක” (Row members) හා දකුණු පස ඇති අංක “තීරු අංක” (Column Numbers) වශයෙන් හදුනා ගනු ලැබේ.එසේම පරිගණකය තුල ඇති අභ්‍යන්තර මතකය (Internal Memory) කොටස් දෙකකට බෙදා වෙන් කල හැකිය.
සසම්බාවී මතකය (Random Access Memory /RAM)
මෙම මතකය භාවිතා කරනුයේ පරිගණකය මගින් තාවකාලිකව කරනු ලබන කාර්යන් සදහා වන අතර මෙය හරියටම “කළු ලැල්ලක්” බදුය.කළු ලෑල්ලක හුණු කැටයෙන් ලියනු ලබන දේ මකා දැමිය හැකිය. තාවකාලිකව මතක තබා ගත යුතු දේ ඇතුලත් කෙරෙන මතකය (Random Access Memory) නොහොත් RAM යනුවෙන් හැදින්වේ.
කියැවීම සදහා පමණක් වූ මතකය (Read Only Memory / ROM)
මෙම මතකය ස්ථිර වශයෙන්ම අතුලත්කොට ඇති මතකයයි. ක්‍රියාකරුවෙකු විසින් පරිගණකය පණ ගස්විමේදී එහි ක්‍රියාකාරිත්වය සිදුවන්නේ මේ මගිනි.මෙම මතකය (ROM) පරිගණකය නිපදවනු ලබන අවස්ථාවේදී ඇතුලත් කරන අතර ඒවා නැවත වෙනස් කල නොහැකිය.
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න