හොදයි අපි මුලින්ම බලමු ඔබගේ පරිගණකය තුල තිබෙන කරදර කාරී files ඉවත් කරගන්න ආකාරය,
ඒ සදහා විදි කිහිපයක්ම ඇත.දැන් අපි බලමු මොනවද ඒ විදි කියා,
මුලින්ම start menu එකෙක් තිබෙන search bar එක වෙතට ගොස් “cmd” යනුවෙන් type කර එවිට ලැබෙන CMD එක open කරගන්න. එහි type කරන්න කරලා enter කරන්න එවිට ඔබගේ පරිගණකය තිබෙන කරදර කාරී files scan වී ඉවත් කෙරේ.
SFC /SCANNOW
දැන් පහල තිබෙන මෘදුකාංගය බාගෙන ඔබගේ පරිගණකය වෙත ස්ථාපනය කරන්න. එම මෘදුකාංගය මගින් ඔබගේ හාඩ් ඩිස්ක් එක scan කරන්න. එවිට ඔබගේ හාඩ් ඩිස්ක් එක වෙත තිබෙන කරදර කාරී වැඩසටහන් (errors Files) හා හේතුවක් නොමැතිව ඉඩ ලබා ගන්න (temp) files වර්ගද ඒවත් කරනු ඇත. (තවද හාඩ් ඩිස්ක් කය තුල කාර්යක්ෂම තාවය වැඩි වනු ඇත.)
ඉහල තිබෙන ලින්ක් එක වෙතට ගිය පසු ඔබේ පරිගණකයේ තිබෙන errors flies ගණන පෙන්වයි. software එකද ඇත.
තවද මෙම කාර්ය සිදු කරන තවත් ජනප්‍රිය මෘදුකාංගයක් තිබේ එනම් Advance system care එම මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනින් ගන්න.
හරි මෘදුකාංග වගේම අප පරිගණකයට ස්තාපනක කර ඇති මෙහෙයුම් පද්ධතිය තුලම තිබෙනවා හාඩ් ඩිස්ක් එක තුල තිබෙන කරදර කාරී වැඩසටහන් ඒවත් කිරීම සදහා සහ හර්ඩ් ඩිස්කය තුල කාර්යක්ෂම තාව වැඩි කිරීම සදහා වූ ක්‍රමයක්. එය කරන විදිය දැන් අපි බලමු,
මුලින්ම Mycomputer එක ඒවත් ගොස් ඔබගේ C හර්ඩ් ඩිස්ක් එක තුල right click කර properties යන්න එවිට එන බාර් එකෙක් උඩම තීරුවේ තිබෙනවා tools කියා පොඩි බාර් එකක් එය වෙත ගොස් පින්තුරේ ආකාරයට “1” ක තැනින් ඔබගේ එම හාඩ් ඩිස්ක් එකේ ඇති එරොස් පරික්ෂාකර ඒවත් කරන්න.
“2” කියන තැනට click කර ඔබේ එම හාඩ් ඩිස්ක් එක තුල කාරියක්ෂම තාවය කලින් තිබු තත්වයටම ලබාගන්න.
“2” කියා ඇති තැනට ගිය පසු එන වින්ඩෝ වේ කල යුතු පියවර පිතුරේ ආකාරයට පිළිපදින්න. (1 කියන තැනට මුලින් යන්න එලගට 2 කියන්න තැනට. ) මෙම පියවරයන් සෑම හර්ඩ් ඩිස්ක් එකක් සදහාම සිදු කරන්න.
දැන් කල යුතු පොඩි වැඩක් තිබෙනවා ඒ තමා Temp files ඒවත් කිරීම (කරදර කාරි හේතුවක් නොමැතිව ඉඩ ලබා ගන්න files) ඒ සදහා,
මුලින්ම window button + R එකවර තද කරන්න එවිට run command එක ලැබේ. (වෙනයම් විදියකට හෝ run එක ලබා ගන්න) දැන් එහි type කරන්න %temp% යනුවෙන් ඉන් පසු enter කරන්න.
එවිට folder එකක් දක්නට ලැබේ එම folder එක මත තිබෙන සෑම flies එකක්ම delete කරන්න. සමහර flies delete නොවේ. ඒවා ඒ ආකාරයටම තියන්න.
තව කිවයුතුම දෙයක් ඇත්ත. ඔබ පරිගණකය වෙත ස්ථාපනය කරනා සෑම දේම Local Disk C වෙත ස්ථාපනය කිරීමෙන් වලකින්න. මොකද එසේ කල හොත් ඔබගේ පරිගණකයේ වේගය මන්දගාමී ස්වරුපයක් ගැනීමට හැකිය. ඒ සදහා වෙනම Partition එකක් සාදා ගෙන එම partition එක වෙත පරිගණකයට ස්ථාපනය කරන සෑම file එකක් වගෙම එයට ස්ථාපනය කරන්නන් (විශේෂයෙන් ගේම්ස් වර්ග)
තවද desktop එක තුල icons දහයකට වඩා තබා ගැනීමෙන් වලකින්න. මොකද ඔබගේ ප්‍රොසෙසරය වේගය අඩු එකක් නම් පරිගණකයේ වේගයද මන්දගාමී ස්වභාවයක් ගනී.
ඔන්න එහෙනම් වැඩේ හරි.දන්නා සෙල්ලම් ඔක්කොම දාල වැඩේ කරා.මම හිතනවා මෙම ලිපිය ඔබට ඉතා වැදගත් වන්නට ඇතැයි කියා.මේ සම්බන්දයෙන් කිසියම් හෝ ගැටළුවක් මතු වුවහොත් කියන්න. එහෙනම් දතවත් මෙවැනි වැදගත් දෙයකින් හමු වෙමු. ඔබට ජය!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න