වින්ඩොව්ස් 7 හි මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සදහා අත්‍යවශම ක්‍රම (පියවරෙන් පියවර)




                                   සෑම කෙනෙකුම පාහේ කැමති තමාගේ පරිගණකයේ කාර්යක්ෂම තාවය ඉහල තත්වයක තබා ගැනීමටය. එහෙත් අප විසින් පරිගණකයට ඇතුළු කරන දත්තයන්න් (games , software) නිසා පරිගණකයේ කාර්යක්ෂමතාවය මන්දගාමී ස්වරුපයක් ගනී.ඒ සදහා පිළියම් වශයෙන් අප පරිගණකයයේ මෙහෙයුම් පද්ධතිය තුලින්ම පිළියම් රැසක් ලබාදී ඇත. ඊයේ මම ඔයාලට කියලා දුන්න දෘඩ තැටියේ කාර්යක්ෂම තාවය වැඩි කරගන්න ආකාරය. අද මමං ඔයාලට කියාදෙන්නම් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩිකර ගන්නා ආකාරය පිලිබදව, මමකලින් කියාදුන් හාඩ් ඩිස්ක් එකෙහි කාර්යක්ෂම තාවය වැඩි කරගන්න ආකාර ඇතුලත් ලිපිය අවශ්‍ය නම් මෙතනින් යන්න.
හරි එහෙනම් අපි දැන් බලමු මොනවද මේ විදි කියලා,

01.   මුලින්ම start menu එකේ search bar එකේ type කරන්න my computer කියන එකට right click කර එහි properties වෙත් යන්න.

එවිට පහල පින්තුරේ ආකාරයේ වින්ඩෝවක් ලැබේ. එහි වම පැත්තේ අයිනේම තියෙනවා Advance system setting කියා එයට click කරන්න.

advanced system settings 











එවිට පහල පින්තුරේ ආකාරයේ වින්ඩෝවක් ලැබේ. එහි තිබෙනවා Performance කියා වචනයක් ඊට අදාලව setting button එකකුත් තිබෙනවා එයට click කරන්න.

visual effects


 එවිට පහල පින්තුරේ ආකාරයේ වින්ඩෝවක් ලැබේ . පහල පින්තුරේ ටික් එක දමා ඇති ඒවාට පමණක් ටික් එක ලබාදී ok කරන්න.

Alter Visual Effects

02.   දෙවන පියවර වශයෙන් start menu එකේsearch bar එකේ type කරන්න msconfig  යනුවෙන් එවිට ලැබෙන result එක open කරන්න. පහල පින්තුරේ ආකාරයට Startup කියන ටැබ් එක click කරන්න.

open msconfig windows 7

disable start up programs එවිට ලැබෙයි ඔබගේ පරිගණකය desktop එක වෙතට අ විට desktop එක load වීමට පෙර load වන්නා වූ  Startup සෙට් එක. ඒවා සේරම disable all කරන්න.( මොකද ඔබගේ පරිගණකය ආරම්බ වීම මන්දගාමී ස්වරුපයක් ගන්නේ මේවා නිසාය). දැන් ok කරන්න. එවිට ඔබට ලැබෙයි restart කරන්න කියා, restart කියන එකට click කරන්න..  දැන් ඔබේ පරිගණකය ස්වයන්ක්‍රියව restart වීමක් වේ.  දැන් නැවත  msconfig  වෙත ගොස් බලන්න.පරිගණකය ක්‍රියාත්මක වීමේදී අත්‍යාවශ්‍යම ඒවා පමණක් ස්වයන්ක්‍රියව ටික් වැටිලා ඇති. 


03.   තුන්වන පියවර වශයෙන් Local disk C එකේ අනවශ්‍ය files ඒවත් කිරීම.

පහල පින්තුරේ ආකාරයට් local disk C වෙත right click කර properties යන්න .

Computer Drive Properties 

දැන් පහල පින්තුරේ ආකාරයට disk cleanup කියා button එකක් ඇති එයට click කරන්න.

Drive Properties

Disk Cleanup Windows 7එවිට පහල පින්තුරේ ආකාරයට වින්ඩොව් එකක් ලැබේ එහි දැන් ok කියල පහල ඇති button එකක් එකට click කරන්න එවිට ඔබගේ දෘඩ තැටිය තුල තැම්පත් වී ඇති අනවශ්‍ය files ඒවත් වෙනු ඇත.






















04.   දැන් ඔබ local disk C > right click > properties ගිහින් defragment now කියන button එක click කරන්න. එවිට පහල පින්තුරේ ආකාරයට වින්ඩොව් එකක් ලැබෙයි.එහි තිබෙනවා Analyze Disk කියලා button එකක් එයට click කරන්න. එමගින්න් හාඩ්ඩිස්ක් එකේ තිබෙන ගැටළු සහගත් තත්ත්ව නැති වි යයි.


disk defragmentation
0

5.   දැන් menu එකේ search bar එකේ type කරන්න services.msc කියා.එවිට ලැබෙන result එක click කරන්න.

open services

එහි තිබෙනවා SQL server (HEMENT) Properties කියන එයට double click කරන්න එවිට පහල පින්තුරේ ආකාරයට වින්ඩොව් ව්කක් ලැබේ. (මෙම option එක සමහර වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති වල නොමැත.)

disable services


 delay disable services Windows 7 Speed Up
එහි තිබෙනවා Startup Type කියා.  එය වෙනස් කරන්න Automatic කියලා. දැන් ok. කරන්න.




06.    දැන් menu එකේ search bar එකේ type කරන්න Add or Remove Programs කියලා එවිට ලැබෙන පළමු result එකට click කරන්න. එවිට ලැබෙයි පහල ආකාරයේ වින්ඩොව් එකක් එහි ඇති ඔබට අනවශ්‍ය setups uninstall කරදමන්න.මොකද පරිගණක මෙහෙයුම් පද්ධතිය මන්දගාමී වීමට එම setups ද බලපාන නිසාය.



07.    තවත් දෙයක් තිබෙනවා ඒ තමා පෙන් drive එකකක් මගින් පරිගණකයේ කාර්යක්ෂම තාවය වැඩි කිරීම.



මුලින්ම ඔබේ පෙන් drive එක පරිගණකයට ඇතුල් කරන්න. එවිට පෙන් drive එක auto play වීමක් සිදු එවිට පහල පින්තුරේ ආකාරයට  click කරන්න. නැති නම් my computer එක වෙත ගොස් පෙන් drive එකට අදාළ local disk එකට right click කර properties යන්න. 

 

එවිට තිබෙනවා උද බාර්ස් වල ready boost කියල එකට click කරන්න.(auto play මගින් ගියහොත් කෙලින්ම වැටෙන්නේ ready boost කියන ටැබ් එකටය.)

 



දැන් එම වින්ඩෝ එකේ තිබෙන Use this Device කියා. එයට ටික් එක දමා පහල තිබෙන MB ප්‍රමාණය පෙන්වන තීරුවේ උපරිම අගය ලබා දෙන්න . හරි දෙන ok කරන්න. දැන් ඔබ ලබා දුන් ප්‍රමාණය පෙන් drive එකෙන් use කර ආකාරයට තමා දිස් වන්නේ. (එය බලා ගැනීමට පෙන් drive එකට අදාළ local disk එක වෙතට ගොස් right click කර properties වෙත පිවිසෙන්න.)



මෙය පිලිබදව ගොඩක් දෙනා මගෙන් ඇහැව්වා මෙය සිදු කිරීමෙන් ram එක වැඩේ වෙනවද කියලා. එය කිසිසේත්ම සිදුවන්නේ නැත. නමුත් ram එක වැඩි කරා සේ කාර්යක්ෂම තාවක් දක්නට ලැබේ.


 07. දැන් අපි බලමු Power Plan එක මගින් high performance ගන්න ආකාරය,


 high performance Windows 7
                      
             ඒ සදහා මුලින්ම menu එකේ search bar එකේ type කරන්න Power Plan කියා.එවිට ලැබෙන මු result එකට click කරන්න. එතුල ඔබේ ටික් එක වැටි ඇත්තේ Balance කියන එකට විය හැකිය. එය වෙනස් කර high Performance කියන එක ලබා දෙන්න.




08.    ඊලග පියවර තමා පරිගණකයේ දත්ත හා මෙහෙයුම් පද්ධතිය ආරක්ෂාවට  වයිරස් ගාඩ් එකක් ස්ථාපනය කරන්න. virus ගාඩ් අවශ්‍ය නම් මෙතනින් යන්න.




09.    දැන් කියා දෙන්න හදන්නේ පරිගණකය ආරම්භ වීමේ වේගය වැඩි කරගන්න ආකාරයයි,


Boot Timeoutmenu එකේ search bar එකේ type කරන්න msconfig එන result එක click කරන්න.
එහි තිබෙනවා ඉහල ටැබ් එකේ Boot කියා ටැබ් එකක් එයට click කරන්න. එම boot කියන ටැබ් එකේ තිබෙනවා Time out කියා තත්පර 30ක් වගේ දීලා ඇති එය තත්පර 3ක් වගේ දෙන්න.








        10.    අවසාන වශයෙන් කියන්න තියන්නේ  ,


ඔබ පරිගණකය වෙත ස්ථාපනය කරනා සෑම දේම Local Disk C වෙත ස්ථාපනය කිරීමෙන් වලකින්න. මොකද එසේ කල හොත් ඔබගේ පරිගණකයේ වේගය මන්දගාමී ස්වරුපයක් ගැනීමට හැකිය. ඒ සදහා වෙනම Partition එකක් සාදා ගෙන එම partitionඑක වෙත පරිගණකයට ස්ථාපනය කරන සෑම file එකක් වගෙම එයට ස්ථාපනය කරන්න (විශේෂයෙන් ගේම්ස් වර්ග) 
තවද desktop එක තුල icons දහයකට වඩා තබා ගැනීමෙන් වලකින්න. මොකද ඔබගේ ප්‍රොසෙසරය වේගය අඩු එකක් නම් පරිගණකයේ වේගයද මන්දගාමී ස්වභාවයක් ගනී.





හරි ඔන්න එහෙනම් දැන් වැඩේ එවරයි. දන්නා සෙල්ලම් ඔක්කොම දාල කියලා දුන්නා  . මොකක් හරි අවුලක් තිබ්බොත් මතක් කරලා comment එකක් දාල තියන්න. එහෙනම් තවත් මෙවැනිම අලුත් දෙයකින් හමු වෙමු ඔබට ජය!!




SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න