පරිගණක ගැටළු සහ පිළියම්


                          පරිගණකය භාවිතා කරන ඔබට මොහෙතෙන් මොහොත විවිධ වූ පරිගණක ගැටළු වලට මුහුණ පෑමට සිදුවෙමෙන් පවතී. එම ගැටළු පැමිණිය හැක්කේ ගේම්ස් ස්ථාපනය කිරීමෙන් වියහැක, මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් විය හැක නොතහොත් දෘඩාංග වල දෝෂ වලින් වියහැක. එත් සමගම අප විසින් සිතුවා ඔබට මුණ පැමට සිදුවන පරිගගණක ගැටළු සදහා ද සහය වන්න. හොදයි එහෙනම් අපි වැඩේ පටන් ගමු.ඔබට මුණ පැමට සිදුවන ගැටළු කොමෙන්ට් බොක්ස් එකේ සදහන් කරන්න. මෙය දිනෙන් දින අලුත් වන පොස්ට් එකක් ආකාරයට තමා සකස් කර ඇත්තේ.(Date To Date Updating Post) හරි එහෙනම් ඔන්න අපිත් වැඩේට බැස්ස........................................................................................................................................................



1.  බිට් 32 (32 bit)  වර්ගයේ පරිගණකයක් තිබේ. එයට 4GB RAM කාඩ් එකක් සවි කල විට එයින් හදුනාගන්නේ GB පමණි. මෙය පරිගණකයේ දෝෂයක්ද?

                         බිට් 32 පරිගනකයක ඇති ප්‍රොසෙසරයකට හැසිරවිය හැකි උපරිම මතක බාරිතාව (Total addressable Memory) 4GB කි.එහෙයින් මෙයින් අදහස් වන්නේ භාවිතා කල හැකි උපරිම RAM (Random Access Memory)  දාරිතාව නොවේ.ප්‍රොසෙසරයට හදුනා ගත හැකි, භාවිතා කල හැකි සම්පුර්ණ මතක ප්‍රමාණයයි. එයට VGA card Memory, Cach Memory ආදිය අයටත් වේ. එනිසා භාවිතයට ගත හැක්කේ පරිගණකයේ දැනටමත් 1GB VGA කාඩ් එකක් තිබේ නම් ඒ සදහා වැයවන මතක දාරිතාව පමණි.(4GB-1GB=3GB) නම් 3GB ට ආසන්න අගයකි.



2.පරිගණකයේ ඇති සිමොස් ජම්පර් එක (CMOS Jumper) මගින් පරිගණකයකැ ඇති සියලුම පාස්වඩ් ඉවත් කල හැකිද?

                         මෙම ජම්පර් එක ෂොට් (Short) කිරීමෙන් හෙවත් එය ගලවා විනාඩි දෙකකට පමණ පසු නැවත සවි කිරීමෙන් සිමොස් පාස්වඩ් (CMOS Password) යොදා ඇත්නම් ඒවා පමණක් නැවත සැකසීම (rest) හෙවත් මැකීයාම සිදුවේ.එසේම සිමොස් තුල කල වෙනස් කම් මුල් තත්වයට පත්වෙයි.එනම් සිමොස් CMOS (Complementary Metal Oxide Semiconductor) චිපය තුල වැඩසටහනට අදාළ දත්ත පමන්නක් මෙය මගින් මුල් තත්වයට පත්වේ.

                      එහෙයින් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය අසුරෙන් යෙදු පාස්වඩ් මෙසේ නැවත සැකසිය නොහැක.මන්ද ඒවා ගබඩා වන්නේ මෙහෙයුම් පද්ධතිය සමග හාඩ් disk එක තුලය.එවැනි පාස්වඩ් ඉවත් කිරීමට කල යුත්තේ හාඩ් ඩිස්කය ෆෝමැට් කර නැවත වමෙහෙයුම් පද්ධතිය install කොට windows administrator password නැවත සැකසීමය.



3. සිඩිඑම්ඒ (CDMA –code division multiple access) දුරකතනයක් හරහා ඉන්ටෙර්නෙට් සමග සම්බන්ද වීමේදී එහි වේගය new connection 11kbps ලෙස පෙන්නුම් කරයි. එහෙත් ෆයිල් එකක් download කරන විට එහි වේගය 4-5kbps පමණ වේ. මෙසේ වේගය අඩු වීමට හේතුව කුමක්ද ?


                                ඉන්ටෙර්නෙට් වෙත සම්බන්ද වන විටදී connection speed ලෙස පෙන්වන්නේ එම සම්බන්ද තාව ඇසුරෙන් ලබා ගත හැකි උපරිම වේගයයි.එහෙත් සර්වර් පරිගණක වල ඇති තදබදය (server busy), ජාලයේ ඇති තදබදය (network busy), signals dropped වීමක් දක්නට ලැබීම, සන්නිවේදන බාධා (interference) යන ආදී සාදක නිසා මෙම උපරිම වේගයට ප්‍රයෝගිකව ලගා වීමට නොහැක.අපේ රටේදී CDMA දුරකතනයෙන් ප්‍රයෝගිකව ලබාගත හැකි උපරිම වේගය 20 – 30kbps පමණය.එහෙත් බොහෝ විට ලබා ගත හැක්කේ මිට අඩු වේගයකි.

4.  පරිගණකයේ හාඩ් ඩිස්කය හොදින් ක්‍රියාත්මක වුවත් ඒ තුලින් යමක් ගැටෙන හඩක් ඇසෙ එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?
                                          හාඩ් ඩිස්කයේ ඇතුලත ඇතිවන යාන්ත්‍රික දෝෂ නිසා මෙවැනි ශබ්ද ඇසෙ. මෙය දිගින් දිගනටම   පැවතිය හොත් හාඩ් ඩිස්කය සම්පුර්නයෙන්ම අක්‍රිය වනු ඇත. එනිසා අතවශ්‍ය දත්ත වල පිටපතක් ලබා ගැනීම එක්මනින් කල යුතුය.අනතුරුව කාර්මිකයෙකු ලවා එය අලුත්වැඩියා කර ගැනීම හෝ අලුත් හාඩ් ඩිස්කයක් යෙදීම හෝ වග බලා ගතයුතුය.

5. දැනට භාවිතයේ තිබෙන PCI Ex4 සහ PCI Ex16 යන කාඩ් වර්ග තිබෙන වෙනස්කම් මොනවාද ?

                    වඩාත් වේගවත්ව දත්ත සම්ප්‍රේෂණයට මවුපුවරු සමග විවිධ නවීන ස්ලොට් සකසයි.පරිගණක ක්‍රීඩා ආදියේ හි රූප වේගවත්ව පෙන්වීමට, සාමාන්‍ය PCI(peripheral component interconnect) ස්ලොට් එකකින් දත්ත සම්ප්‍රේෂණය කල හැකි වේගය ප්‍රමාණවත් නොවනු නිසා ඒ සදහා AGP (accelerated Graphics Port) ස්ලොට් එක හදුන්වා දෙන ලදී.ඉන්පසු ආ උපාංග වලට එහි වේගයද ප්‍රමාණවත් නොවනු නිසා PCI Express ස්ලොට් හදුන්වා දෙන ලදී.මෙම PCI Express කාඩ් එකෙහි දත්ත සම්ප්‍රේෂණය මාර්ග හෙවත් බස් මාර්ග, ප්‍රොසෙසරය සමග සම්බන්ද වන තාක්ෂණික ක්‍රමයේ වෙනස නිසා එයට වඩාත් වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කල හැකිය.මෙසේ PCI Express කාඩ දත්ත සම්ප්‍රේශනය කරන්නේ විවිධ වෙගවලිනි. ඊට අනුරුප වන සේ එම කාඩ් සවි කල හැකි ස්ලොට් මවු පුවරුවේ තිබේ.එනම් දත්ත සම්ප්‍රේශනය සදහා භාවිතා වන මාර්ග (channels) ගණන මත  ඒවා නැවත නම් කරයි.ඒ පහත වගුවේ දැක්වෙන පරිදිය.

මාදිලිය                       වේගය
PCI-E x1                500MBps                                                                                                                            
PCI-E x2                1GBps                 
PCI-E x4                2GBps
PCI-E x6                4GBps
PCI-E x12             8GBps
PCI-E x32             16GBps



පරිගණකය ක්‍රියාත්මක කරන විට එහි දිනය හා වේලාව නිවැරදි බවට පණිවිඩයක් දිස්වේ. අලුතින් බැටරියක් යොදා දිනය සහ වේලාව සකස් කලද ටික දිනකින් ඒවා නැවත වෙනස් වේ. නැවත නැවත මුළින් කි පණිවිඩය ලැබේ.මෙයට හේතුව කුමක්ද ?

                           මෙවැනි ගැටළු මතු වූ වෙලාවට අලුත් බැටරියක් යොදා පිළියම් කල හැක. එහෙත් යෙදු බැටරිය හොද තත්වයේ එකක් නොවේ නම් එය සුළු කාලයකින් අකමන්‍යාවී  යයි.එනිසා ඉතා හොද මට්ටමේ පරිගණක මවු පුවරු සදහාම නිෂ්පාදනය කල බැටරියක් භාවිතා කල යුතුය.එවිට මුළින් කි දෝෂ මත වෙන්නේ නැත.

පරිගණකයට වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කිරීමේදී හාඩ් ඩිස්කය ෆෝමැට් කරන පියවරේදී hardware දෝෂයක් ඇති බවට පණිවිඩයක් දිවේ.මෙයට හේතු විය හැකි කාරන්නා කවරේද?

                      මෙයට ආසන්නම හේතුව විය හැක්කේ ඔබේ හාඩ්ඩිස්කයේ දෝෂ සහගත් වීමයි.එහි යම් අබ්යන්න්තර දෝෂයක් පවතින් විට දී මෙය සිදුවේ.මෙවැනි දෝෂ හාඩ් ඩිස්ක් අලුත් වැඩියා කිරීමෙන් මග හැරවිය නොහැක.ඇතම් අවස්ථා වලදී පරිගණකයේ රම්, මදර්බෝඩ් හෝ ප්‍රොසෙසර් එකෙහි දෝෂයක් නිසාද මෙම ගැටලුව් ඇතිවිය හැක.
                           එම නිඉසා පළමුව ඔබේ හාඩ් ඩිස්කය වෙනත් පරිගණකයකට සවි කර ෆොර්මැට් කිරීමට උත්සහ කරන්න.එවිට දෝෂ පවතින්නේ කවර උපාන්ගයේදැයි නිගමනය කල හැක.ඉන් පසු එය වෙනුවට හොදික් ක්‍රියාත්මක වන උපාංග යොදා දෝෂය සමනය කර ගැනීමට පුලුවනය.


කැප්චර් කාඩ් (capture card) එකක් ක්‍රියාකරන්නේ කෙසේද?

                                                  කප්චර් කාඩ් ලෙස හදුන්න්වන්නේ වීඩියෝ පටයක ඇති දර්ශනය පරිගණකයේ හාඩ් ඩිස්කය තුල වීඩියෝ ෆයිල් එකක් ලෙස ගබඩා කිරීමට අවශ්‍ය වන උපාංගයකි.
                 වීඩියෝ ඩෙක් එකකින්, විසිඩි ප්ලේයෙරයකින්, රුපවහිනියකින් හෝ විවියෝ කැමරාවකින් පිටකරන ‘composite’ වර්ගයේ වීඩියෝ සංඤාවක් හෝ ‘s-video’ වර්ගයේ වීඩියෝ සංඤාවක් ග්‍රහණය කරගෙන එය ඩිජිටල් වීඩියෝ සංඤාවක් බවට පරිවර්තනය කිරීමටත්, එම සංඤා ‘compress කර පරිගණකයට ලබා දීමටත් හැකියාව කැප්චර් කාඩ්වලට තිබේ.පිට්ටතින් ලබා ගන්නේ වීඩියෝ රුපාවලිය ඩිජිටල් ෆයිල් එකක් බවට පත් කිරීමේදී වීඩියෝ දර්ශනයේ තත්වයට හානියක් නොවී එහි ධාරිතාව අඩු කිරීම, කම්ප්‍රෙස් කිරීම ලෙස හැදින්වේ.කැප්චර් කිරීමේදී හොද තත්වයේ වීඩියෝ එකක් ලබා ගැනීමට දෙයාකාරයකින් කොම්ප්‍රෙස් වීම විය යුතුය.
Hardware Compression - කැප්චර් කාඩ් එක තුල ඉලෙක්ට්‍රොනික් උපාංග මගින් දත්ත සංකෝචනය කිරීම.
Software Compression - මෘදුකාංග මගින් දත්ත සංකෝචනය කිරීම.
                                  බොහෝ කප්චේර් කාඩ සමග මෘදුකාංගත් ලබා දන අතර එය භාවිතයෙන් හෝ ‘ඇඩෝබි ප්‍රිමියර්’ හෝ ‘යුලිඩ් වීඩියෝ’ වැනි වීඩියෝ එඩිටින් මෘදුකාංගක් භාවිතයෙන් කැප්චර් කාඩ් එකක් මගින් ලබා ගන්න වීඩියෝ ෆයිල් එක හාඩ් ඩිස්කයට සේව් කර ගැනීමටත් එය සන්ස්කරන්නය කිරීමටත් පුළුවන.කැප්චර් කාඩ් මුලික ආකාර දෙකකි.
Internal Capture Card - මවුපුවරුව මත පිහිටි පිසිඅයි (PCI) ස්ලොට් එකකට සම්බන්ද වේ.`
External Capture Card-පරිගණකයෙන් බාහිරව තබා ගතහැකි අතර යුඑස්බී (USB- Universal Serial Bus) පෝට් එකකට සම්බන්ද කකළ හැක.
                   නවීන ටීවී කාඩ් මගින්ද කැප්චර් කිරීම කල හැකිය.එහෙත් එම වීඩියෝ ඵලි ආදාරයෙන් විසිඩි එකක් නිෂ්පාදනය කල විට එහි රුප නතර වෙමින් ධාවනය වීම හෝ රූපවල තත්වය බාලවීම හෝ සිදිවේ. මිට හේතුව ටිවිකාඩ් එකක් මගින් හාඩ්වෙයාර් කම්ප්‍රේෂන් නොකිරීමයි.


පරිගණකය ක්‍රියාත්මක කල විට මොනිටරයෙහි අසාමාන්‍ය ලෙස කොළ පැහැය දක්නට ලැබේ.මෙයට හේතුව කුමක්ද?

                  මෙම තත්වයට බොහෝවිට හේතු වන්නේ මොනිටරයේ ඇති දෝෂයන්ය. එහි සර්කිට්-බෝඩ් එකෙහි ඇති ‘Chrome LC නම් කොටසෙහි දෝෂයක් නිසා මෙය සිදුවේ. වෙනත් මොනිටරයක් සවි කර බැලීමෙන් මෙය නිශ්චය කර ගෙන අලුත්වැඩියා කරවා ගන්න. වෙනත් මොන්නිටරයක් සවි කල විටද, මේ දෝෂය පවතී නම් දෝෂය ඇත්තේ මොනිටරයේ නොව Display Adapterයේය.






පරිගණකයේ ෂට් ඩවුන් (shutdown) වින්ඩොව්ස් ‘හයිබනේට්’ (Hibernate) යන්න තෙරු විට එක්මනි පරිගණකය ‘ඔෆ්  (off)’ කල හැක. මෙය ෂට් ඩවුන් කිරීමට වඩා වෙනස්ද?

                ‘හයිබ්නෙට් ’ කිරීම ‘ෂට් ඩවුන්’ කිරීමට සහමුලින්ම වෙනස් ක්‍රියාවකි. ෂට් ඩවුන් කිරීමේදී සිදුවන්නේ විවුර්ත කරන ලද සියලු වැඩසටහන් (programmer) නැවත ක්‍රමයෙන් වසා දමා ක්‍රමානු කුලව අතවශ්‍ය ගොගු අඩිය පරිගණකය ඔන් කිරීමේදී ක්‍රමානු කුලව අදාළ අදාළ ගොදු කියවා නලා අවශ්‍ය වැඩසටහන් සක්‍රිය කරවමින් මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ කෙරේ.
                                 හයිබනේට් වීමේදී වන්නේ පරිගණකය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක ram මතකය (RAM – random access memory ) සහ වෙත මුලික ක්‍රියාකාරිත්වය පිළිබද සටහන් ක්ෂණිකව හා disk එක මත වාර්තා කොට තබා පරිගණකය “off කිරීමයි.නැවත ඔන් කිරීමේදී අදාළ සටහන් ‘hibernate information කියවා පරිගණකය ඔෆ් කිරීමට කලින් තිබු ආකාරයට එහි ක්‍රියාකාරිත්වය සැකසේ.
                          හයිබනේට් කිරීම ෂට් ඩවුන් කිරීමට වඩා වේගවත්ය.කිසිදු හානියකින් තොරය. ඒ සාමාන්‍ය ලෙස වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති load වීමේදී සිදුවන අලුත් හාඩ් වෙයාර් වර්ග හදුනා ගැනීම වැනි කාර්යයයන් මෙහිදී මග හැරේ.එසේම යම් හෙයකින් හයිබෙර්ර්නෙට් සටහන් දෝෂ සහිත වුවහොත් නැවත හයිබනේට් කර ක්‍රමයෙන් පරිගනකය පණ ගැන්විය නොහැකි වනු ඇත.

 
මයික්‍රොසොෆ්ට් office පැකේජයට අයත් word, excel, power point, වැනි මෘදුකාංග විවුර්ත කිරීමට යන විටදී ‘preparing to install’ වැනි සංවාද කොටුවක් මතු වේ. ටික වෙලාවකින් “the feature you are trying to use on a cd rom  or other removable disk is not available ලෙස පණිවිඩයක් දිස්වේ. මෙම දෝෂ නිවැරදි කර ගන්නේ කෙසේද?

                           මයික්‍රොසොෆ්ට් office (install) කිරීමේදී, දෘඩ තැටියේ වය්යවන ඉඩ ප්‍රමාණය අවම කිරීම සදහා “run form cd යන “option එක “setup එකෙන් තෝරාගත හැක. එම ක්‍රමයෙන් මෘදුකාන්ග install කර විට එම මෘදුකාංග වල සමහර කොටස භාවිතා කල යුතු වේලාව මයික්‍රසොෆ්ට් cd එක, cd rom එක තුලට ඇතුළු කර තිබිය යුතුය.එසේ මෝකල හොත් ඉහත දෝෂය මතුවේ.
                         මෙම දෝෂ මගහැරවීම සදහා පළමුව පරිගණකයෙන් “office”  පැකේජය uninstall කල යුතුය.දැන් මයික්‍රොසොෆ්ට් cd එකකින් නැවත install කල යුතුය. මෙහිදී ‘fill install’, “run all  from my computer හෝ ‘complete යන ආදී ක්‍රමයක් යොදාගෙන (විවිධ වින්ඩොව්ස් සංස්කරණ වල මෙසේ එකේ නෙකට වෙනස් තේරුම් තිබේ) නිවැරදිව install කරගත් යුතුය.


Screen resolution සහ Colour quality වල භාවිතයට වඩාත් සුදුසු හා සාර්ථක අගයන් මොනවාද?

                                       screen resolution එක මගින් තිරය pixel කීයකට බෙදෙයි තීරණය කරේ. Colour quality එක මගින් display එක කොපමණ වර්ණ සංඛ්‍යාවකට බෙදා වෙන් කරේ දැයි තීරණය කෙරේ. Screen resolution හා colour quality අගයන් වැඩි වෙත්ම VGA කාඩ් එක මගින් ඉටු කල යුතු කාරය බාරය වැඩි වන බැවින් ඊට ගැලපෙන
VGA දරිතාවක් නොමැති වූ වී display එක හෙවත් තිරයේ පෙන්වන දේ වවුලන ගති ඇතිවීම, කැඩී කැඩී වපෙනීම වැනි දෝෂ හටගනී. එවැනි බදා වලින් තොරව භාවිතා කල හැකි උපරිම අගයන් අදාළ VGA එක සදහා භාවිතා කල හැකි සාර්ථක resolution හා colour quality අගයන් වේ. මෙම අගයන් තීරණය වන්නේ පරිගණකයේ ඇති VGA කාඩ් (VGA card) එකේ VGA ram ධාරිතාවය අනුවය

පරිගණකයට එහි තිබෙනවාට අමතර වශයෙන් තවත් USB පොර්ට්ස් සවි කල හැකිද ?

                                    එසේ කල හැකිය.එසදහා USB (UBS – universal serial bus) පොර්ට්ස් සහිත PCI (PCI- peripheral component interconnect) කාඩ් යූදා ගතයුතුය. මෙවැනි කාඩ් එකක් සවිකොට නිවැරදිව install කර ගැනීමෙන් අවශ්‍ය තරමට USB පොර්ට්ස් ගැනග වැඩි කල හැකිය.

මවුපුවරු හා VGA කාඩ් වැනි උපානග වල driver CD නොමැති පරිගණකයක් ෆොර්මැට් කල හැක්කේ කෙසේද ?
                                පරිගණකයට සම්බන්ද මෙවැනි ඇතැම් උපාංග වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය මගින් හදුනා ගන්න අතර එසේනොවන ඒවා සදහා පමණක් drivers වැඩසටහක් ඇති cd භාවිතා කල යුතුය.මේවා තමා සතුව නැතත් පරිගණක නඩත්තු සේවා සපයන ආයතන වල ඒවා එක් රැස් කොට තිබෙන නිසා එවැනි ස්ථානයකට පරිගණකය ඉදිරිපත් කොට අවශ්‍ය drivers install කර ගැනීමට පුළුවන. එසේ නැතහොත් ඔබටම එම drives සොයාගැනීමට පුළුවන් ඒ සදහා මෙතනින් යන්න.            
  





             
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. Bios setup ekata enter wena akarayak nopenwana computer 1ka bios setup ekata enter wenne kohomada?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි Biso setup එකට enter වන්න පුළුවන් keys තියනවා...

      1. F2
      2. Del, ඒවගේ ඔයා computer එක ඔන් වෙද්දීම ඔය දීල තිබෙන buttons වලින් එකක් දිගටම Press කර කර ඉන්න එතකොට auto ම ඔයාගේ බියෝස් සෙටප් එකට enter වෙයි. අවුලක් තිබ්බොත් කියන්න.

      Delete
  2. e buttons walin 1kin wath bios walata enter wenne nehe ne.mata e awla hadaganna kramayak hari bios walata yanna wena wikalpayak hari kiyanna puluwanda?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ buttons press කලාම මොකද වෙන්නේ..මොකක්ද ඔයාගේ computer model එක

      Delete

Comment එකක් දාගෙනම යන්න